Sunday, July 14, 2019

හැඳින්වීම

අපුුර්ව වස්තු ජනිත කරන්නා වුු නිරමාපකයා වන ස්වභාවධර්මයා විසින් මෙලොව නිර්මාණය කළ අපුුර්ව වස්තුවක් ලෙස මනුෂ්‍යයා නම් සත්ත්වයා පෙන්වා දිය හැකිය. එයට හේතු වන්නේ මෙලොව වාසය කරන්නා වුු සියලු සත්ත්වයින් අතරින් ප්‍රමුඛත්වයක් මනුෂ්‍යයාට හිමිවිිමය.මිනිසා ශිෂ්ටාචාර ගත විිමට පෙර වනාන්තරය මුල්කරගනිමින් තම අවශ්‍යතා සපුරා ගනිමින් සරළ ජිිවන රටාවක් ගත කළ බව පුරාවිද්‍යාත්මක සාධක වලින් පවා හෙළි විි ඇත.ආහාර ඇඳුම් පැලඳුම් ආදිි සියලු අවශ්‍යතා වනය තුළින් සපුරා ගත් අතිිත මිනිසා කාලානුරූපීව සිය මනස තුළින් විවිධ  ද්‍ෙ සොයා ගනිමින් නිපදවමින් දියුණු ශිෂටාචාරයක් කරා ගමන් කරන්නට විය.මුල් යුගයෙහි තනිව හුදකලාව ගත කල මිනිසා පසුව පවුල නම් වුු කුඩා සමාජ සංවිධානය බිහි කරගත් අතර එය කල්ගත විිමත් සමඟ සමාජය නම් වුු සුවිශාල සංවිධානය දක්වා වර්ධනය විය.මෙලෙස සමාජ ගත වුු මිනිසා වසර දහස් ගණනකට ඉහත අතිිතයේ පටන් තමාට ආරක්ෂාව ,සෙෳභාග්‍ය ලබා ගැනිිමට,මළගිය  පුද්ගලයන් සිහිපත් කිරිිමට,ගොවිතැන් කටයුතු සාර්ථක කරගැනීමට වැනි අරමුණු ගණනාවක් ඉටුකර ගැනිිම උදෙසා විවිධාකාර වුු ඇදහිලි විශ්වාස,පුුජා චාරිත්‍ර  , භාවිත කළ ආකාරයක් දක්නට ලැබේ .ගස් ගල් ආදිය වන්දනාමාන කිරිිම,දේව වන්දනය,මළවුන් පිදිිම,ජල වන්දනය, නාග වන්දනය, ආදිය  කැපිි  පෙන්‍ෙ .කරුණු විමසා බලන කල  මෙම ඇදහිලි විශ්වාස ආදිය යම් යම් වෙනස් විිම් වලට භාජනය වෙමින් වර්තමානය කරා පැමිණ ඇති බව පෙනෙන්නට අැත .


ජනශ්‍රැතිය ගත් විට එය අංග ගණනාවකින් යුක්ත වන අතර සිරිත් විරිත්,ජන වෙදකම,  ජනකතා ,ජන ක්රිිඩා,ඇදහිලි විශ්වාස, යාතුකර්ම,ජන බස හා ජන සන්නිවේදන විධි  ආදිය ඉන් කිහිපයකි. මිනිසා සෑම විටම තවත් පාර්ශවයක උපකාරයක් බලාපොරොත්තුවිි ජිිවත්  ව්‍ෙ. එයට  හෙතු වන්නේ  ඈත අතිිතයේ  සිටම යම් යම් අරමුණු සාක්ෂාත් කර ගැනිිම  උදෙසා විවිධාකාර වුු ඇදහිලි විශ්වාස හා අභිචාර විධි අනුගමනය කිරිීමට හුරැ වූ ඉතිහාසයක් මානවයාට තිබීමය. දියුණු ශිෂටාචාර ගත වීමකට පළමුව මානවයා සිය ආහාර ,ඇඳුම් ,සමීපාරක්ෂක කටයුතු, ආදී සියල්ල වනාන්තර කේන්ද්‍ර  කර ගනිමින් සපුරාගත්  අතර ලෙඩ ආදියෙන් ආරක්ෂා වීම, අධි මානසික බල⁣වෙග වලින් අාරක්ෂා වීම, සෙෳභාග්‍ය ලබා ගැනිිම ආදී විවිධ අරමුණු සඳහා විවිධ ඇදහිලි විශ්වාස ,අභිචිර විධි භාවිතා කර ඇති බව ඉතිහාසය හැදෑරීම හරහා පැහැදිලිය.මෙලෙස කාලානුරූපීව වෙනස් වෙමින් වත්මන් යුගය කරා ආ මෙම ඇදහිලි විශ්වාස හා අභිචාර විධි සරසවි ශිෂ්‍ය ප්‍රජාව තුළද භාවිතා වන ආකාරයක් දක්නට ලැබේ .ආගමික ස්ථාන මුල් කර ගනිමින් විවිධ ලෙෳකික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ඇදහිලි විශ්වාස ,අභිචාර විධි භාවිතා කරන ආකාරය පිළිබඳව ,ඒවායේ නව ප්‍රවණතා මොනවාද වැනි කරුණු පිළිබඳව අධ්‍යනය කරනු ලබයි.

No comments:

Post a Comment