Tuesday, July 23, 2019

ඇදහිලි හා විශ්වාස

ලාංකීය සමාජය දෙස අවධානය  යොමු කරන කල්හි ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සමාජයක් පවතින බව පැහැදිලිය. මෙරට හා සම්බන්ධ අතීත කතා පුවත් පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී විජය රජු ඇතුළු ආර්යයන් ලංකාවට පැමිණීමට පෙරද මෙරට සමාජය තුළ විවිධාකාර ජන  කොටස් විසූ බව වංශකතාකරැ විස්තර කරයි. ආර්යයන්  ලංකාවට පැමිණෙන විටත් එම ජනතාව විවිධ කාර්යයන් වල නියැලී ඇති අතර ඉතා දීර්ඝ ඉතිහාසයක් ලාංකීය සමාජයට ඇති බව මින් පැහැදිලි ය. දීර්ඝ කාලයක් පුරා මෙරට සමාජය විකාශනය වීම තුළ ජනශ්‍රැතිය යන කාරණය සමාජය තුළ කැපී පෙනෙන්නට වූ අතර එහිදී ඇදහිලි හා විශ්වාස වලට හිමිවන්නේ  ප්‍රධාන ස්ථානයකි.අතීතයෙහි පටන් මෙම ඇදහිලි විශ්වාස  බෙහෙවින් ව්‍යවහාර වූ බවක් කරුණු විමසීමේදී  පැහැදිලිය.ජනශ්‍රැතිය ගත් විට එය  විවිධාකාර වූ අංග ගණනාවකින් සමන්විත වන අතර ජන වෙදකම,සිරිත් විරිත්,වත්පිළිවෙත්,ජනකතා,ප්‍රස්ථාව පිරුළු, ආදී වූ අංග අතරින් ඇදහිලි හා විශ්වාස යන්න දුරාතීතයෙහි පටන් සමාජය තුළ පැවතගෙන ආ ජනශ්‍රැතික අංගයක් ලෙස හඳුනාගත  හැකිය.       
     



No comments:

Post a Comment