Tuesday, July 23, 2019

ඇදහිලි විශ්වාස අභිචාර විධි තුළින් අපේක්ෂිත අරමුණු

ඇදහිලි විශ්වාස අභිචාර විධි මඟින් බලාපොරොත්තු වන අරමුණු රාශියකි.ඒ අතරින්,

  • අධ්‍යාපනික අරමුණු සාක්ෂාත් කර ගැනීම
  • පෙම් සබඳතා ආශ්‍රිත අරමුණු
  • ලෙඩ දුක් වලින් මිදීම
  • අධිමානසික බලවේග වලින් මිදීම
  • අපල උපද්‍රව වලින් මිදීම
  • ඇස්වහ කටවහ  දොෂ දුරු කිරීම
ආදිය පෙන්වා දිය හැකිය.


අභිචාර විධි වර්ගීකරණය

බෙෳද්ධ අභිචාර විධි
  • බෝ‍ධි පූජා
  • කොඩි ගැට ගැසීම
  • යන්ත්‍ර දැමීම
  • පඬුරු දැමීම
  • බෝධිය නෑවීම
  • බාර වීම
  • නක්ෂත්‍රය
  • සාස්තර ඇසීම


හින්දු අභිචාර විධි

  • ගිනි පෑගීම
  • කාවඩි නැටීම
  • ඇගේ‍ කටු ගැසීම
  • බාරහාර වීම


ක්‍රිස්තියානි අභිචාර විධි

  • බාරහාර වීම
  • බොරලික්කම් පැලඳීම
  • කොන්ත පැලඳීම

ඉස්ලාම් අභිචාර විධි

  • නෝම්බි ඇල්ලීම

අභිචාර හැඳින්වීම

ලාංකීය සමාජය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මනුෂ්‍යය සංහතියකින් සැදුම්ලත් එකකි.අදින් වසර ගණනකට ඉහත වකවානුවේ සිට ඔවුන් තමාටම අනන්‍ය ජීවන රටාවකට පුරුදු වී සිටි බව සඳහන්  ය. කල්ගත වීම සමඟ වනාන්තර මුල් කරගත් ජීවන රටාවෙන් මිදී දියුණු ශිෂ්ටාචාරයක් කරා ගමන් කළද ඔවුන් මුල් කාලයෙහි සිට පවත්වාගෙන අා අභිචාර විධි වෙනස්කම් යටතෙහි වුවද වත්මන් සමාජය දක්වා විකාශනය වී ඇති බව කරුණු විමසීමේදී පැහැදිලිය.සරළව අභිචාර යනු ,මිිනිසා සතුව අධි භෙෳතික තත්වයන් පිළිබඳව පවතින විශ්වාසයන් ය. මිනිසා සමාජයෙහි ජීවත් වන විට ඔවුන් හට විවිධ කරදර, විවිධ පීඩා ආදියට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන අතර මෙහිදී ඔවුන් යම් යම් පූජා විධි ආදිය බිහිකර ගන්නා ලදී. එනම් අස්වාභාවික බලයන් තමා වෙත නතුකර ගැනීමට උත්සාහ කරන ලදී. මිනිසාට වැළදෙන අට අනූවක් ව්‍යාධි නව අනූවක් ව්‍යාධි ආදියෙහි දී පිහිටට එන්නෙ අභිචාර ය. ග්‍රහ දොෂ, භූත දොෂ, අාදී වෙනත් බලපෑම් වලින් මිදීමට මිනිසා භාවිතා කරන්නේ අභිචාරමය. අභිචාර කොටස් දෙකකි.
  1.     සුදු අභිචාර
  2.     කලු අභිචාර
සුදු අභිචාර යනු ,මිනිසා යහපත උදෙසා පවත්වන අභිචාරය.කලු අභිචාර යනු ,අයහපත උදෙසා පවත්වන අභිචාරය. මෙරට සමාජය සළකා බැලීමෙන් ජනතාව විවිධ වූ අභිචාර විධි පිළිබඳ විශ්වාසය තබා ඇති ආකාරය පැහැදිලි වෙයි. අද වන විට මෙම අභිචාර ආදියෙහි නව ප්‍රවනතා දැකිය හැකිය.ඒ පිළිබඳ සවිස්තරව මතුවට පැහැදිලි කරනු ලබයි.            

ඇදහිලි විශ්වාස වර්ගීකරණය


  • බෞද්ධ ඇදහිලි හා විශ්වාස
  • බුදුන් විෂයෙහි පවතින ඇදහිලි හා විශ්වාස
  • ආගමික විශ්වාස පිළිබඳ පවතින විශ්වාස
  • හූනු ශාස්ත්‍රය පිළිබඳ පවතින විශ්වාස 
  • ඇස්වහ කටවහ පිළිබඳ පවතින විශ්වාස
  • සුභ අසුභ නිමිති 
  • විවිධ ⁣ භෙෳතික වස්තු පිළිබඳ විශ්වාස           


හින්දු ඇදහිලි හා විශ්වාස

  • රුද්‍රාක්ෂ මාලය පැලදීම
  • විභූති ආල්‍ෙප කිරීම
  • කාප්පු පැලඳීම
  • කුවෙර දෙවියන්ග්‍ෙ පිළිම ලඟ තබා ගැනීම
  • නව ධාන්‍ය වගා කිරීම
  • කනේ‍ මල් පැලඳීම
ඉස්ලාම් ඇදහිලි හා විශ්වාස


  • අල්ලාහ් දෙවියන් පිළිබඳව පවතින විශ්වාස
කතෝ‍ලික ඇදහිලි හා විශ්වාස

  • ජ්‍ෙසුතුමා පිළිබඳ පවතින විශ්වාස
  • ජප මාලය පිළිබඳ විශ්වාසය


ඇදහිලි හා විශ්වාස

ලාංකීය සමාජය දෙස අවධානය  යොමු කරන කල්හි ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සමාජයක් පවතින බව පැහැදිලිය. මෙරට හා සම්බන්ධ අතීත කතා පුවත් පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කිරීමේ දී විජය රජු ඇතුළු ආර්යයන් ලංකාවට පැමිණීමට පෙරද මෙරට සමාජය තුළ විවිධාකාර ජන  කොටස් විසූ බව වංශකතාකරැ විස්තර කරයි. ආර්යයන්  ලංකාවට පැමිණෙන විටත් එම ජනතාව විවිධ කාර්යයන් වල නියැලී ඇති අතර ඉතා දීර්ඝ ඉතිහාසයක් ලාංකීය සමාජයට ඇති බව මින් පැහැදිලි ය. දීර්ඝ කාලයක් පුරා මෙරට සමාජය විකාශනය වීම තුළ ජනශ්‍රැතිය යන කාරණය සමාජය තුළ කැපී පෙනෙන්නට වූ අතර එහිදී ඇදහිලි හා විශ්වාස වලට හිමිවන්නේ  ප්‍රධාන ස්ථානයකි.අතීතයෙහි පටන් මෙම ඇදහිලි විශ්වාස  බෙහෙවින් ව්‍යවහාර වූ බවක් කරුණු විමසීමේදී  පැහැදිලිය.ජනශ්‍රැතිය ගත් විට එය  විවිධාකාර වූ අංග ගණනාවකින් සමන්විත වන අතර ජන වෙදකම,සිරිත් විරිත්,වත්පිළිවෙත්,ජනකතා,ප්‍රස්ථාව පිරුළු, ආදී වූ අංග අතරින් ඇදහිලි හා විශ්වාස යන්න දුරාතීතයෙහි පටන් සමාජය තුළ පැවතගෙන ආ ජනශ්‍රැතික අංගයක් ලෙස හඳුනාගත  හැකිය.       
     



Sunday, July 14, 2019

හැඳින්වීම

අපුුර්ව වස්තු ජනිත කරන්නා වුු නිරමාපකයා වන ස්වභාවධර්මයා විසින් මෙලොව නිර්මාණය කළ අපුුර්ව වස්තුවක් ලෙස මනුෂ්‍යයා නම් සත්ත්වයා පෙන්වා දිය හැකිය. එයට හේතු වන්නේ මෙලොව වාසය කරන්නා වුු සියලු සත්ත්වයින් අතරින් ප්‍රමුඛත්වයක් මනුෂ්‍යයාට හිමිවිිමය.මිනිසා ශිෂ්ටාචාර ගත විිමට පෙර වනාන්තරය මුල්කරගනිමින් තම අවශ්‍යතා සපුරා ගනිමින් සරළ ජිිවන රටාවක් ගත කළ බව පුරාවිද්‍යාත්මක සාධක වලින් පවා හෙළි විි ඇත.ආහාර ඇඳුම් පැලඳුම් ආදිි සියලු අවශ්‍යතා වනය තුළින් සපුරා ගත් අතිිත මිනිසා කාලානුරූපීව සිය මනස තුළින් විවිධ  ද්‍ෙ සොයා ගනිමින් නිපදවමින් දියුණු ශිෂටාචාරයක් කරා ගමන් කරන්නට විය.මුල් යුගයෙහි තනිව හුදකලාව ගත කල මිනිසා පසුව පවුල නම් වුු කුඩා සමාජ සංවිධානය බිහි කරගත් අතර එය කල්ගත විිමත් සමඟ සමාජය නම් වුු සුවිශාල සංවිධානය දක්වා වර්ධනය විය.මෙලෙස සමාජ ගත වුු මිනිසා වසර දහස් ගණනකට ඉහත අතිිතයේ පටන් තමාට ආරක්ෂාව ,සෙෳභාග්‍ය ලබා ගැනිිමට,මළගිය  පුද්ගලයන් සිහිපත් කිරිිමට,ගොවිතැන් කටයුතු සාර්ථක කරගැනීමට වැනි අරමුණු ගණනාවක් ඉටුකර ගැනිිම උදෙසා විවිධාකාර වුු ඇදහිලි විශ්වාස,පුුජා චාරිත්‍ර  , භාවිත කළ ආකාරයක් දක්නට ලැබේ .ගස් ගල් ආදිය වන්දනාමාන කිරිිම,දේව වන්දනය,මළවුන් පිදිිම,ජල වන්දනය, නාග වන්දනය, ආදිය  කැපිි  පෙන්‍ෙ .කරුණු විමසා බලන කල  මෙම ඇදහිලි විශ්වාස ආදිය යම් යම් වෙනස් විිම් වලට භාජනය වෙමින් වර්තමානය කරා පැමිණ ඇති බව පෙනෙන්නට අැත .


ජනශ්‍රැතිය ගත් විට එය අංග ගණනාවකින් යුක්ත වන අතර සිරිත් විරිත්,ජන වෙදකම,  ජනකතා ,ජන ක්රිිඩා,ඇදහිලි විශ්වාස, යාතුකර්ම,ජන බස හා ජන සන්නිවේදන විධි  ආදිය ඉන් කිහිපයකි. මිනිසා සෑම විටම තවත් පාර්ශවයක උපකාරයක් බලාපොරොත්තුවිි ජිිවත්  ව්‍ෙ. එයට  හෙතු වන්නේ  ඈත අතිිතයේ  සිටම යම් යම් අරමුණු සාක්ෂාත් කර ගැනිිම  උදෙසා විවිධාකාර වුු ඇදහිලි විශ්වාස හා අභිචාර විධි අනුගමනය කිරිීමට හුරැ වූ ඉතිහාසයක් මානවයාට තිබීමය. දියුණු ශිෂටාචාර ගත වීමකට පළමුව මානවයා සිය ආහාර ,ඇඳුම් ,සමීපාරක්ෂක කටයුතු, ආදී සියල්ල වනාන්තර කේන්ද්‍ර  කර ගනිමින් සපුරාගත්  අතර ලෙඩ ආදියෙන් ආරක්ෂා වීම, අධි මානසික බල⁣වෙග වලින් අාරක්ෂා වීම, සෙෳභාග්‍ය ලබා ගැනිිම ආදී විවිධ අරමුණු සඳහා විවිධ ඇදහිලි විශ්වාස ,අභිචිර විධි භාවිතා කර ඇති බව ඉතිහාසය හැදෑරීම හරහා පැහැදිලිය.මෙලෙස කාලානුරූපීව වෙනස් වෙමින් වත්මන් යුගය කරා ආ මෙම ඇදහිලි විශ්වාස හා අභිචාර විධි සරසවි ශිෂ්‍ය ප්‍රජාව තුළද භාවිතා වන ආකාරයක් දක්නට ලැබේ .ආගමික ස්ථාන මුල් කර ගනිමින් විවිධ ලෙෳකික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ඇදහිලි විශ්වාස ,අභිචාර විධි භාවිතා කරන ආකාරය පිළිබඳව ,ඒවායේ නව ප්‍රවණතා මොනවාද වැනි කරුණු පිළිබඳව අධ්‍යනය කරනු ලබයි.

Tuesday, July 2, 2019

මාතෘකාව

වත්මන් සරසවි ශිෂ්‍ය ප්‍රජාවගේ ව්‍යවහාරිත ලෞකිකත්වය හා බැඳුණු ඇදහිලි විශිවාස හා අභිචාර විධි.(ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව ඇසුරෙන් කෙරෙන ක්ෂේත්‍ර අධ්‍යනයකි.)

ඇදහිලි විශ්වාස අභිචාර විධි යනු අනාදිමත් කාලයක සිට මිනිසා අතර පවතින මිනිස් ජීවිතය හා බැදිධ වූ දෙයකි. කාලයත් සමග වෙනස් වෙමින් මෙම ඇඳහිලි විශ්වාස නූතනය කරා පැමිණ ඇත .එනම් විද්‍යාව දියුණු වුවද  මෙම ඇඳහිලි විශ්වාස අද ද  දක්නට ලැබේ.මෙහිදී  වර්තමාන සරසවි ශිෂ්‍ය ප්‍රජාව අතර ව්‍යවහාර වන ඇඳහිලි විශ්වාස හා  අභිචාර විධි මගින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ලෞකික අරමුණු හා ඒවායේ නව ප්‍රවණතා මොනවාද? ‍යන්න සොයා බැලීමකි.

Tuesday, June 25, 2019

One small positive thought in the morning  can change your whole day.