ලාංකීය සමාජය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මනුෂ්‍යය සංහතියකින් සැදුම්ලත් එකකි.අදින් වසර ගණනකට ඉහත වකවානුවේ සිට ඔවුන් තමාටම අනන්‍ය ජීවන රටාවකට පුරුදු වී සිටි බව සඳහන් ය. කල්ගත වීම සමඟ වනාන්තර මුල් කරගත් ජීවන රටාවෙන් මිදී දියුණු ශිෂ්ටාචාරයක් කරා ගමන් කළද ඔවුන් මුල් කාලයෙහි සිට පවත්වාගෙන අා අභිචාර විධි වෙනස්කම් යටතෙහි වුවද වත්මන් සමාජය දක්වා විකාශනය වී ඇති බව කරුණු විමසීමේදී පැහැදිලිය.සරළව අභිචාර යනු ,මිිනිසා සතුව අධි භෙෳතික තත්වයන් පිළිබඳව පවතින විශ්වාසයන් ය. මිනිසා සමාජයෙහි ජීවත් වන විට ඔවුන් හට විවිධ කරදර, විවිධ පීඩා ආදියට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන අතර මෙහිදී ඔවුන් යම් යම් පූජා විධි ආදිය බිහිකර ගන්නා ලදී. එනම් අස්වාභාවික බලයන් තමා වෙත නතුකර ගැනීමට උත්සාහ කරන ලදී. මිනිසාට වැළදෙන අට අනූවක් ව්‍යාධි නව අනූවක් ව්‍යාධි ආදියෙහි දී පිහිටට එන්නෙ අභිචාර ය. ග්‍රහ දොෂ, භූත දොෂ, අාදී වෙනත් බලපෑම් වලින් මිදීමට මිනිසා භාවිතා කරන්නේ අභිචාරමය. අභිචාර කොටස් දෙකකි.
- සුදු අභිචාර
- කලු අභිචාර
සුදු අභිචාර යනු ,මිනිසා යහපත උදෙසා පවත්වන අභිචාරය.
කලු අභිචාර යනු ,අයහපත උදෙසා පවත්වන අභිචාරය. මෙරට සමාජය සළකා බැලීමෙන් ජනතාව විවිධ වූ අභිචාර විධි පිළිබඳ විශ්වාසය තබා ඇති ආකාරය පැහැදිලි වෙයි. අද වන විට මෙම අභිචාර ආදියෙහි නව ප්රවනතා දැකිය හැකිය.ඒ පිළිබඳ සවිස්තරව මතුවට පැහැදිලි කරනු ලබයි.